ජනප්‍රිය නළුවෙකුට මනුෂ්‍ය ඝාතන චෝදනාවක්

චිත්‍රපට රූගත කිරීමක් අතර සිදු වූ වෙඩි තැබීමකින් සිනමා ශිල්පිනී හැලිනා හචින්ස් මිය යාමේ සිද්ධියට ජනප්‍රිය නළු ඇලෙක් බෝල්ඩ්වින්ට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිව් මෙක්සිකෝහි සැන්ටේ ෆේ අසල ගොවිපලක වෙඩි තැබීම සිදු වූ අතර ඒ වන විට බෝල්ඩ්වින් චිත්‍රපටයේ දර්ශනයක් සඳහා පෙරහුරුවක නිරත වෙමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චිත්‍රපටයේ අවි ආයුධ සමග චරිතයක් නිරූපණය කළ Hannah Gutierrez Reedට ද මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බව සඳහන්.

කෙසේවෙතත් දෙදෙනාම මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැහැ.

බ්‍රහස්පතින්දා, Santa Fe හි දිස්ත්‍රික් විනිසුරු Mary Carmack-Altwies නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනවාරි මාසය අවසන් වන විට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන බවයි.

මෙම චිත්‍රපටයේ රංගන ශිල්පියෙක් මෙන්ම නිෂ්පාදක ඇලෙක් බෝල්ඩ්වින් සහ සන්නාහ සන්නද්ධ Hannah Gutierrez-Reed ට මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා කරනු ලබන අතර ලැබී ඇති සාක්ෂි හොඳින් සමාලෝචනය කිරීමෙන් පසු ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට තමා තීරණය කළ බවයි දිස්ත්‍රික් විනිසුරුවරයා සඳහන් කළේ.

මෙම ඝාතන චෝදනාවලට වරදකරු වුවහොත් මෙම දෙදෙනාට මාස 18ක සිරදඬුවමක් සහ ඩොලර් 5,000ක (£4,040) දඩයකට මුහුණ දීමට සිදුවනවා.

චිත්‍රපට අධ්‍යක්ෂ ජොයෙල් සූසා ද මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතත්, ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු නොකරන බවයි නඩු පවරන්නන් ප්‍රකාශ කළේ.

වෙඩි තැබීමෙන් පසු බෝල්ඩ්වින් කියා සිටියේ වැරදීමකින් මෙය සිදුවූ බවයි.

තමන් තුවක්කුවේ කොකා ඇද්දේ නැති බවත් එම ගිනි අවියේ උණ්ඩ ඇති බව තමා නොදැන සිටි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

“මම දන්නේ නැහැ ඒ සෙට් එකේ මොකද වුණේ කියලා. මම දන්නේ නැහැ ඒ තුවක්කුවට උණ්ඩය ආවේ කොහොමද කියලා. මම දන්නේ නැහැ,” ඔහු 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නලින්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන් ?
03:13
Video thumbnail
ක්‍රීඩා ඇමති යුපුන්ගේ ඉල්ලීම හෑල්ලුවට දාලා කතා කළේ - යාන වාහන ගන්න නෙවෙයි සල්ලි ඉල්ලුවේ
04:15
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම..මසුන් අල්ලමින් සිටියදී දීයේ ගි# මි#යයි
01:50
Video thumbnail
අසිත කියන්නේ බොරු නෙවෙයි ටොම්පචයක් - නලින්ගෙන් මාලිමාවේ අසිතට සැර සත්තමක්
03:05
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24