ජනප්‍රිය චිත්‍රපටයක දෙවන කොටස රූගත කිරීමේදී අනතුරක් – 6ක් රෝහලේ

ජනප්‍රිය චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර සිදු වූ අනතුරකින් එම කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොරොක්කෝවේ දී මෙම අනතුර සිදුවී ඇත්තේ gladiator 2 චිත්‍රපටයේ නවතම රූගත කිරීම් අතරතුරදී යි.

චිත්‍රපටයේ නිෂ්පාදන සමාගමක් වන පැරමවුන්ට් පික්චර්ස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තුවාලකරුවන්ගේ ජීවිතයට තර්ජනයක් නොමැති අතර රූගත කිරීමේදී සිදු කළ ක්‍රියාදාමයක් අතර අනතුර සිදු වූ බවයි.

තුවාලකරුවන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එම නිවේදනයේ සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රූගත කිරීම් අතරතුර පිපිරීමක් සිදුවී ඇති අතර හය දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

මෙම අනතුරින් චිත්‍රපටයේ කිසිදු නළුවෙකුට තුවාල සිදුවී නැහැ. එහෙත් කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් හය දෙනෙකු පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඇති අතර හතර දෙනෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

2000 වසරේ තිරගත වූ gladiator චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් දෙවන කොටස ද අධ්‍යක්ෂණය කිරීම සිදු කරනු ලබනවා.

එය 2024 වසරේ නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50