spot_imgspot_img

ජනප්‍රිය චිත්‍රපටයක දෙවන කොටස රූගත කිරීමේදී අනතුරක් – 6ක් රෝහලේ

ජනප්‍රිය චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර සිදු වූ අනතුරකින් එම කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොරොක්කෝවේ දී මෙම අනතුර සිදුවී ඇත්තේ gladiator 2 චිත්‍රපටයේ නවතම රූගත කිරීම් අතරතුරදී යි.

චිත්‍රපටයේ නිෂ්පාදන සමාගමක් වන පැරමවුන්ට් පික්චර්ස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තුවාලකරුවන්ගේ ජීවිතයට තර්ජනයක් නොමැති අතර රූගත කිරීමේදී සිදු කළ ක්‍රියාදාමයක් අතර අනතුර සිදු වූ බවයි.

තුවාලකරුවන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එම නිවේදනයේ සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රූගත කිරීම් අතරතුර පිපිරීමක් සිදුවී ඇති අතර හය දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

මෙම අනතුරින් චිත්‍රපටයේ කිසිදු නළුවෙකුට තුවාල සිදුවී නැහැ. එහෙත් කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් හය දෙනෙකු පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඇති අතර හතර දෙනෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

2000 වසරේ තිරගත වූ gladiator චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් දෙවන කොටස ද අධ්‍යක්ෂණය කිරීම සිදු කරනු ලබනවා.

එය 2024 වසරේ නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
5
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?