spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ වෘත්තීයවේදීන් අතර සාකච්ඡාව ඇරඹෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නායකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

අද පෙරවරුවේ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

නව බදු සංශෝධනවල බලපෑම පිළිබඳව සහ බදු ප්‍රතිපත්තිය රටට සහ ජනතාවට හිතකර ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මාර්තු 1වනදා සිට කලු විරෝධතා සතියක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති පෙරමුණ විසින්.

එම පෙරමුණ නියෝජනය කරන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ ඊට සමගාමීව ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් මාර්තු 03වනදා ඒකාබද්ධ විරෝධතාවක් පවත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?