ජනපති සහ යාපනය සරසවියේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සට්කුනරාජා මහතා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩල මීට එක්ව සිටී අතර යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා.

නවීන තාක්ෂණ සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළා.

එහිදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීම වෙනුවෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද යොදා ගැනීමට ඇති හැකියාවත්, අවශ්‍ය නම් ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස කටයුතු කර විශ්‍රාම ලැබූ ඩයස්පෝරා සාමාජිකයන්ගේ ද සහාය ලබා ගැනීමේ හැකියාවත් ජනාධිපතිවරයා පැහැදිළි කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයාදීමට කටයුතු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි රටවල විශ්වවිද්‍යාල සමග කථිකාචාර්යවරුන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන්වලට එළැඹිමේ හැකියාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.

විදේශීය සිසුන්ද ආකර්ශණය කර ගත හැකි පරිදි මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ අරමුණ වන අතර නව විශ්වවිද්‍යාල ද ස්ථාපිත කිරීමෙන් පසුව ඉදිරියේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පරිවර්තනීය වෙනසක් ඇති වනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48