ජනපති සහ අරුන් සිද්ධාර්ථ් අතර හමුවක්

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් අතර හමුවක් සිදුවී තිබෙනවා.

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජය තුළ පවතින ගැටළු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම ගැටළු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළ ද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටළුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නොමැති බැවින් ගැටළු මතුව ඇති බව අරුන් සිද්ධාර්ථ් ප්‍රකාශ කළ අතර ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබුවා.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල් 100 ඉදිරි මාස 06ක කාලය තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු වුණා.

කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අතුරුදහන් වූවන්ගේ පවුල් බව පවසමින් සංගම් නිර්මාණය කරගෙන සිටින බහුතරයකගේ අතුරුදහන් වූවන් සිටින්නේ විදේශ රටවල බවයි.

ඒ සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ සංගමයේ ඕනෑම අයෙකු සමඟ විවාදයකට ද තමන් සූදානම් බවත් ඔවුන් අතුරුදන් වූවන් යැයි පවසමින් විදේශගතව සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

යාපනය ජනතාව මුහුණ දී සිටින එහෙත් කතා බහට ලක් නොවන ගැටළු කිහිපයක් ඇතුළත් ලිපියක් ද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34