ජනපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිඛිත දැනුවත් කිරීමක්

රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමිනුයි ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳ දැනුම් දී ඇත්තේ.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් විවිධ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර දුරස්ථභාවයක් ඇති වී තිබෙනවා.

එසේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය අවම වීම හේතුවෙන් විවිධ ගැටලු ඇති වීම නිසා සංවර්ධන කටයුතුවලට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන් ද ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර විධිමත් සම්බන්ධීකරණයක් සිදු කිරීමේ අරමුණ ඇතිවයි ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මින් ඉදිරියට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් මට්ටමින් හෝ ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය සහිතව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිය ලිපිය මඟින් වැඩිදුරටත් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21