ජනපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගී වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දැනුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතවයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අද (06) ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.

න්‍යාය පත්‍රයේ ඇති කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයින් විසින් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය කරුණු ගොනු කිරීම සඳහා පූර්ව රැස්වීම් පැවැත්වීම නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන ප්‍රශ්න නිලධාරීන්ගෙන් අසන අවස්ථා වලදී, ඒ සඳහා පිළිතුරු දීමට සහ ප්‍රතිචාර දැක්වීමට සාධාරණ කාල සීමාවක් ඉල්ලා සිටිමින් එම එකඟ වූ කාලය තුළදී ප්‍රතිචාර දැක්විය යුතුයි.

අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ආරාධනා කර ඇති රැස්වීමකට ලේකම්වරයාට සහභාගි විය නොහැකි අවස්ථාවක, අදාළ කමිටුවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව නියෝජිතයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට රැස්වීමට සහභාගී වීමට හැකියාව පවතිනවා .

තවද, සිය අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් සඳහා නිලධාරීන් සහභාගි විය යුතුයි. කෙසේ වෙතත්, සාකච්ඡා කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ගැටළු තිබේ නම්, ඒවා අමාත්‍යවරයා විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දිය යුතු වනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු අතර, ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇති.

මුදල් හා සම්බන්ධ අධීක්ෂණ කාරක සභා සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව රැස්වීම්වලට සහභාගි විය යුතු බවටයි දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21