spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති මැදුර නිරීක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (12) ජනාධිපති මන්දිරය වෙත පැමිණ තිබෙනවා.

එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේපළවලට හානි සිදුව ඇත්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් මෙලෙස ජනාධිපති මන්දිරයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එහිදී ජනාධිපති මන්දිරයේ රැඳී සිටින තරුණ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය 09 වනදා පැවති විරෝධතා අතර තුර අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමට සමත් වුණා.

එදින සිට මේ දක්වා ඔවුන් එහි රැඳී සිටින අතර, ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා මේ වනවිට දිවයිනේ නන්දෙසින් ජනතාව පැමිණෙමින් සිටිනවා.

මේ අතර ජනාධිපති මන්දිරයේ තිබූ වටිනා භාණ්වලට අලාභ හානි සිදුව ඇති ආකාරය දැකගන්නට ලැබුණු අතර ඇතැම් වටිනා භාණ්ඩ එහි පැමිණි පිරිස් විසින් සොරාගෙන ගොස් ඇති බවටද වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?