spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති මැදුරෙන් අතුරුදන් වූ භාණ්ඩ ගැන විමර්ශන අරඹයි

කොටුව ජනාධිපති මන්දිරයෙන් අස්ථානගත වූ සහ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් ලැබුණු වාර්තාව පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තම දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමට අනුව අස්ථානගත වූ සහ විනාශ වූ භාණ්ඩ සම්බන්ධ ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ.

ඒ, අනුව අස්ථානගත වූ භාණ්ඩ පිළිබඳ විමර්ශන කෙරෙන අතර, ලැයිස්තු ගත කිරීම් ද තවදුරටත් ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය ජූලි 09 වනදා අරගලකරුවන් සමඟ එක් වූ විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමෙන් පසු එහි ඇතැම් භාණ්ඩ අතුරුදන්ව, පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ රැසකට හානි සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?