සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබෙන බවට වාර්තා වනවා.
අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ, පසුගියදා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මැයි 12 වැනි දින ජනාධිපති පොදු සමාව යටතේ අතුල තිලකරත්න නමැති සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරගැනීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමක් ලැබී ඇති බවයි.
නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුත්තේ කවදා ද, කිනම් වේලාවකට දැයි මෙතෙක් දන්වා නොමැති බව ද වාර්තා වනවා.














I thought being a AAL he is a decent politician, but he too in dirty politics.