ජනපති ධජය සොරාගෙන ඇඳ ඇතිරිල්ලට ගත් පුද්ගලයා පොලිසියට භාරවෙයි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා පොලිසියට භාර වී තිබෙනවා.

අදාල පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් අද (29) උදෑසන වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 09 වනදා අරගලකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ මෙම පුද්ගලයා ද ඊට ඇතුළු වී එම ධජය සොරකම් කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය ඇඳ ඇතිරිල්ලට යොදා ගනිමින් එය වීඩියෝ ගතකර සමාජ මාධ්‍යට ද මුදාහැර තිබුණා.

උදේනි කළුතන්ත්‍රී නම් මෙම සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙක්.

මොහු සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා ද වනවා.

සැකකරුගෙන මේ වනවිට දීර්ඝව ප්‍රශ්න කරන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි‍යේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19