ජනපතිවරණයට සුදුස්සෙක් පොහොට්ටුවේ නැහැ – ජගත් කුමාර (වීඩියෝ)

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා, පරිනත දේශපාලනඥයෙකු පොදුජන පෙරමුණ තුළ ඇතැයි, තමන් විශ්වාස නොකරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, දසත ‘කස්තිරම’ දේශපාලන සංවාදයට එක්වෙමින්.

ඊයේ (12) රාත්‍රියේ විකාශය වූ මෙම වැඩසටහන සඳහා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ද, එක්ව සිටියා.