චීන වරායේ දී පීල්ලෙන් පිට ගිය දුම්රිය

චීන වරාය දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන රාත්‍රී දුම්රිය අද (13) අලුයම මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් චීන වරාය දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවට අලාභ හානි සිදුව තිබෙනවා.

එම දුම්රිය යළි පීලිගත කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය ගමනාන්තය දක්වා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.