චීන අවන්හලෙන් රෑට කන්න ගෙන ආ හතු සුප් එකේ පණ පිටින් මීයෙක් (වීඩියෝ)

ගලක්, කෙස් ගසක්, ආගන්තුක වස්තුවක් හෝ අප්‍රසන්න දෙයක් අනපේක්ෂිතව ඔබේ ආහාර බඳුනේ තිබී සොයා ගැනීමේ අවාසනාවන්ත අත්දැකීමට ඔබට කවදා හෝ මුහුණදීමට සිදුව තිබෙනවා ද ?

එවැනි අප්‍රසන්න අත්දැකීමට මුහුණදීමට සිදුවූ තරුණයෙකු පිළිබඳව පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.

මෙම තරුණයාට තම ආහාර බඳුනේ තිබී පණපිටින් මීයෙකු හමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සිය පෙම්වතිය විසින් චීන අවන්හලකින් රැගෙන ආ රාත්‍රී ආහාර වේලක තිබූ හතු සහ නූඩ්ලස් සුප් එක්ක සිටිය දී මෙම මීයා සොයාගෙන තිබෙනවා.

සුප් තිබූ භාජනය විවෘත කර බැලීමේ දී ඟලන මීයා මුලදී විශාල හත්තක් ලෙස දුටු බවයි හේවර්ඩ් නැමැති අදාළ තරුණයා පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආහාර රැගෙන ආ අවන්හලට දුරකථන ඇමතුමක් ලබා දී දැනුවත් කර ඇති අතර, ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් හේවාර්ඩ්ගේ පෙම්වතිය වන එමිලි ආහාර මිලදී ගැනීමෙන් පසු මුදල් ගෙවා ලදුපතක් තබා නොතිබූ බැවින්, එය ඇය විසින් එය මිලදී ගත් බවට සාක්ෂි සැපයීමට ඔවුන්ට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

දශක දෙකකට වැඩි කාලයක් තමන් එම අවන්හලේ විශ්වාසවන්ත පාරිභෝගිකයෙකු වූ බව පැවසූ හේවාඩ්, ඔවුන්ගේ ප්‍රතිචාරය පිළිබඳව තමන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බවයි පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42