චාමර සම්පත්ගේ නඩුව කල්යයි

ඌව පළාත් සභාව නමින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ පැමිණිලි දෙකක් ජනවාරි 23 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළා.

ඇප මත සිටින චාමර සම්පත් දසනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ ලේඛන සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බවයි.

ඒ අනුව ලේඛන වාර්තා කැදවීමට සිහිකැඳවීමක් යොමු කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේත්‍රාත්වරයා නඩු විභාගය ජනවාරි 23 තෙක් කල් තැබුවා.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යයවරයා ව සිටියදී පළාතේ ළදරු පාසල් දරුවන් සඳහා බෑගයක් ලබාදීමට බැංකුව මගින් අනුග්‍රාහකත්වයක් ඉල්ලා ඇති අතර එම අනුග්‍රහකත්වය ලබා නොදීමේ හේතුව පාදක කර දේවේශ සහගතව මෙම ගිණුම් හය ඉවත් කරගෙන අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16