චමරිගේ පිත්ත ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් සහ තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක සුපිරි ජයක් හිමිවුණා.අද තරගය ජය ලැබුවද 2ට 1ක් ලෙස තරගාවලියේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායම ලබා ගත්තා.

අද පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස්කරගැනීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකා Harmanpreet Kaur නොදැවී ලකුණු 39ක් රැස්කරගැනීමට සමත්විය. පන්දු 33කින් ගොඩනැගුණු ඇයගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3කක් ඇතුලත් විය.

Jemimah Rodrigues ලකුණු 33ක් සහ Smriti Mandhana ලකුණු 22ක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්ධිකා කුමාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.
ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 139 හඹා ගිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පන්දුවාර 17කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 141ක් රැස්කරගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී අගනා ඉනිමක් ගොඩනැගීමට සමත්විය.පන්දු 48කට මුහුණදුන් ඇය හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 80ක් රැස්කළේය.අනෙක් අන්තයෙන් චමරි අතපත්තු හට සහායක් වූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 30ක් රැස්කරගත්තේ හතරේ පහර 4ක් ද සමඟිනි.තරගයේ ක්‍රීඩිකාව සම්මානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ඔසවා තැබූ නායිකාව චමරි අතපත්තු හිමිකරගැනීමට සමත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32