spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චමරිගේ පිත්ත ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් සහ තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක සුපිරි ජයක් හිමිවුණා.අද තරගය ජය ලැබුවද 2ට 1ක් ලෙස තරගාවලියේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායම ලබා ගත්තා.

අද පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස්කරගැනීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකා Harmanpreet Kaur නොදැවී ලකුණු 39ක් රැස්කරගැනීමට සමත්විය. පන්දු 33කින් ගොඩනැගුණු ඇයගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3කක් ඇතුලත් විය.

Jemimah Rodrigues ලකුණු 33ක් සහ Smriti Mandhana ලකුණු 22ක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්ධිකා කුමාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.
ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 139 හඹා ගිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පන්දුවාර 17කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 141ක් රැස්කරගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී අගනා ඉනිමක් ගොඩනැගීමට සමත්විය.පන්දු 48කට මුහුණදුන් ඇය හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 80ක් රැස්කළේය.අනෙක් අන්තයෙන් චමරි අතපත්තු හට සහායක් වූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 30ක් රැස්කරගත්තේ හතරේ පහර 4ක් ද සමඟිනි.තරගයේ ක්‍රීඩිකාව සම්මානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ඔසවා තැබූ නායිකාව චමරි අතපත්තු හිමිකරගැනීමට සමත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?