spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභය ගැන සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක්

රජයට එරෙහි ගොඩනැඟුණු දැවැන්ත විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ සිය රටින් පලා ගිය ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිසිඳු වරප්‍රසාදයක්, මුක්තියක් හෝ ආගන්තුක සත්කාරයක් ලබා නොදුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පවසනවා.

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සඳහන් කර ඇත්තේ සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබානොදෙන බවයි.

ඒ, අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද කිසිඳු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබානොදුන් බව ඔහු පාර්ලිමේන්තුව් දී සඳහන් කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුව තුළ රැඳී සිටීමට අවසර හිමිව ඇත්තේ ලබන 11 වනදා පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?