ගෝඨාභය ගැන සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක්

රජයට එරෙහි ගොඩනැඟුණු දැවැන්ත විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ සිය රටින් පලා ගිය ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිසිඳු වරප්‍රසාදයක්, මුක්තියක් හෝ ආගන්තුක සත්කාරයක් ලබා නොදුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පවසනවා.

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සඳහන් කර ඇත්තේ සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබානොදෙන බවයි.

ඒ, අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද කිසිඳු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබානොදුන් බව ඔහු පාර්ලිමේන්තුව් දී සඳහන් කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුව තුළ රැඳී සිටීමට අවසර හිමිව ඇත්තේ ලබන 11 වනදා පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28