ගෝඨාභයගේ මිරිහානේ නිවසට දැඩි ආරක්ෂාවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට උපදෙස් බල දී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම හිටපු ගෝඨාභය රාජපක්ෂගේ නිවස අවට ප්‍රදේශය සම්බන්ධව විශේෂ සෝදිසියකින් පසුවන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පසුගිය දා තහවුරු කළා.

විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙරට ජනතාව දැක් වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

සති කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි ඔහු පසුගිය 11 වනදා සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටව ගොස් තිබූ බව වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14