ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී එහි ගුවන් නියමුවාට මගියෙකු දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව ගිය (6E-2175) IndiGo ගුවන් යානයේ දී පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා
ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් කෝප වූ මගියා මෙලෙස පහරදුන් බව වාර්තා වේ.
ඊයේ (14) පැවති මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයක් ප්‍රමාද වී ඇත.
මේ වන විට ගුවන් නියමුවා විසින් පහරදීම සිදු කළ මගියාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇත.
ගුවන් සමාගම මේ වන විට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව වාර්තා වේ.













