spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

සියලුම ජාතික පාසල් වල ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින කොවිඩ් වසංගතය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බවයි.

තවදුරටත් එම අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?