ගුජරාට්, බැංග්ලෝර් හා පන්ජාබ්ස් සමග අවසන් පූර්ව වටයට ගිය මුම්බායිවරුන්

IPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

ඒ ප්‍රතිවාදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 59කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමු ව පන්දුවට පහර දුන් මුම්බායිවරුන් කඩුලු 05ක් දැවී ලකුණු 180ක් ලබාගත්තා.

මුම්බායිවරුන් වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සූර්‍යයකුමාර් යාදව් නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී මුකේෂ් කුමාර් කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් මුස්‍ටෆිසර් රහ්මන්, දුෂ්මන්ත චමීර සහ කුල්දීප් යාදව් විසින් බිඳ හෙලනු ලැබුවා.

ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දිල්ලිවරුන් සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 121ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් සැන්ට්නර් සහ ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු තුන බැගින් ද එක් කඩුල්ල බැගින් ට්‍රෙන්ට් බෝල්ට්, දීපක් චහර්, විල් ජැක්ස් සහ ඛාන් ශර්මා විසින් බිඳ හෙලනු ලැබුවා.

මෙම තරග ජයත් සමග ගුජරාට් ටයිටන්ස්, රෝයලස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් ත්‍රිත්ත්වය සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මුම්බායිවරුන් සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය සූර්‍යයකුමාර් යාදව් දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31