ගෑස් ප්‍රශ්නය මාස 06කට විසඳා අවසන් – ඉන්ධන ගැන සාකච්ඡාවකට ඇමති කංචන කටාර් රාජ්‍යයට

ඉන්ධන ආනයනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ නසීර් අහමඩ් කටාර් බලා පිටත්ව ගිය බව ද වාර්තා වනවා.

මේ අතර රට තුළ පවතින ගෑස් ප්‍රශ්නය මාස 06ක කාලයකට විසඳා අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව ගෑස් තොග මෙරටට ලැබීමට තවත් සතියක් පමණ කාලයක් ගතවනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජනයා තව දුරටත් පෝලිම්වල රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන ලබාදීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම ඊයේ (27) දිනයේ සිට ආරම්භ වුණා.

කෙසේ වෙතත් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට රජය තීරණය කළේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමටයි.

ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ, අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාහැරීම්, කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14