spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ප්‍රශ්නය මාස 06කට විසඳා අවසන් – ඉන්ධන ගැන සාකච්ඡාවකට ඇමති කංචන කටාර් රාජ්‍යයට

ඉන්ධන ආනයනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ නසීර් අහමඩ් කටාර් බලා පිටත්ව ගිය බව ද වාර්තා වනවා.

මේ අතර රට තුළ පවතින ගෑස් ප්‍රශ්නය මාස 06ක කාලයකට විසඳා අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව ගෑස් තොග මෙරටට ලැබීමට තවත් සතියක් පමණ කාලයක් ගතවනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජනයා තව දුරටත් පෝලිම්වල රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන ලබාදීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම ඊයේ (27) දිනයේ සිට ආරම්භ වුණා.

කෙසේ වෙතත් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට රජය තීරණය කළේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමටයි.

ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ, අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාහැරීම්, කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?