ගැලවුම්කරුවෙකු වූ බිල්ලා

ඉන්දියානු විරෝධය මෙරට දේශපාලනයේ කැපීපෙනෙන සහ ජනප්‍රියතම සටන් පාඨයක් වූයේ අද ඊයේ සිට නොවේ. ඉන්දියාව ලංකාව ගිල ගැනීමට හදන යක්ෂයෙකු එසේත් නොමැති නම් ඉන්දියාව ලංකාව තමන්ට අවශ්‍ය ලෙස පාලනය කරගන්නට හදන ලොකු අයියා කෙනෙකු බවට වන මතවාදය මෙරට සමාජය තුළ විවිධ අවස්ථාවලදී විවිධ ස්වරෑපයෙන් මතුවූයේ දශක ගණනාවක සිටය.

කෙසේවෙතත්, ඉන්දියාවේ වත්මන් භූමිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට එළෙස සදහන් කළ හැකිදැයි යන්න මේ මොහොතේ දී ඉතා විමසිල්ලෙන් සිතා බැලිය යුතු කරැණක් බවට පත්ව තිබේ.

ශ්‍රි ලංකාව මේ වනවිට නිදහසින් පසු ගතවූ වසර හැත්තෑවක කාලපරිච්ඡේදයේ දරැණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටින බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත.රට පුරා ඇත්තේ විවිධ පෝලිම්ය.ගෑස්, ඉන්ධන ආදියට පමණක් නොව කිරිපිටිවලට ද පෝලිම්ය. වඩාත් අවාසනාවන්ත තත්වය වන්නේ ඇතැම් අවස්ථාවල ජනතාව අත මුදල් පැවතියත් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තබා දැකීමටවත් නොමැති වීමය.

මෙම තත්වයට ප්‍රධාන ආසන්න හේතුව ලෙස මතු කොට දැක්වෙන්නේ ඩොලර් හිගයයි. දුර්වල ආර්ථික කලමනාකාරිත්වය, ආනයන ආදායම සහ වෙනත් විදේශ ප්‍රේෂණ පහළයාම, අපනයන ආදායම අඩුවීම, අධික ණය බර ආදි වූ තවත් පුලුල් හේතු ගණනාවක් මෙම තත්වයට මුල්වී තිබේ. වසර ගණනාවක් පුරා ලංකා‍ව ආර්ථික ගැටලුවලට විසදුම් සෙව්වේ කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් ණය ලබාගනිමිනි.

ලංකාව මෑත කාලයේ ණය ලබාගත් පාර්ශව අතර චීනයට හිමිවන්නේ වැදගත් තැනකි. චීනයෙන් අධික පොලියට ලබාගත් ණය යොදවා සිදුකරන ලද ව්‍යාපෘතිවලින් ලංකාවට ඇත්තටම යමක් ලැබුණාදැයි යන්න මේ අවස්ථාවේදී සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතු කරැණකි.

කොළඹ නගරය මැදට වී ඔහේ එසවී පවතින නෙලුම් කුලුණ, වැඩි දින ගණනක් වසා තැබෙන නෙළුම් පොකුණ රගහල, අලි ලගින සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙන්ම ඔහේ වේලෙන හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව වැනි චීන ණය යටතේ ඉදිකර ඇති සංවර්ධන ව්‍යාපෘති සුදු අලි බවට විවාදයක් නොමැත. රටට සල්ලි උනන තැන් බවට පත්වෙතැයි කියූ පෝර්ට් සිටිය වැනි ව්‍යාපෘති තුළින් පවා අවසාන‍යේ රටටත් ලංකාවේ ජනතාවටත් ලැබෙන්නේ මොකක්දැයි යන්න අද වන විට ජනතාව තුළ බරපතල ප්‍රශ්නකාරී තත්වයක් මතු කර ඇත.

පෙර සදහන් කළ පරිදි අද වන විට ලංකාවේ ජනතාවට අවශ්‍යව ඇත්තේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අභියෝගයයි. ඉන්ධන, ගෑස්, විදුලිය, ආහාර, ඖෂධ කිරිපිටි ආදියයි.

මේ දුෂ්කර මොහොතේ ලංකාවේ ජනතාවට ඒ දේ සපයාගන්න‍ට යම් විදේශ රටක් ඉදිරිපත් වන්නේ නම් එය සැබැවින්ම ඇගයීමට ලක්විය යුතුය. ඇතැම් අන්තර්ජාතික විශේෂඥයන් විසින් බංකොළොත් රටක් ලෙස හංවඩු ගසද්දීත්, දේශපාලඥයන්ගේ සිහින ව‍්‍යාපෘති වෙනුවෙන් අධික පොලියට ණය දුන් රටවල් ජනතාවගේ දෛනික ගැටලු විසදාගැනීමට සහය අවශ්‍යම ඇති මො‍හොතේ අහක බලා ගනිද්දීත්, මේ මොහොතේ ලංකාවේ ජනතාව වෙනුවෙන් ඵළදායී කුමක් හෝ යමක් දෙන්නට ඉදිරිපත්ව සිටින්නේ අන්කවරකුවත් නොව දේශපාලඥයන් ඇතුළු ඇතැම් පාර්ශව විසින් විසින් බිල්ලෙකු ලෙස හංවඩු ගැසූ සහ තවමත් විවේචනයට ලක්කරන ඉන්දියාවයි.

ලංකාවේ ජනතාව ඉන්දන පෝලිම්වල දුක් විදිද්දී ණයට හෝ ඉන්ධන නැවක් දෙකක් එවන්නට චීනය හෝ වෙනත් කිසිදු රටක් ඉදිරිපත් වූ බවක් අසන්නට නැත. මේ මොහොතේ දී ලංකාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සදහා ණයක් හෝ ලබාදෙන්න‍ට ඉදිරිපත්ව සිටින්නේ ඉන්දියාවයි. ඉන්ධන මිලදී ගැනීම සදහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත මේ වන විට ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දී ඇති අතර ඒ යටතේ ඉන්දීය සැපයුම්කරුවන්ගේ ඉන්ධන නැව් මේ වන වි‍ට ශ්‍රී ලංකාව වෙත ලගාවෙමින් පවතී.

මේ වනවිට ලංකාව මුහුණ දී සිටින අනෙක් විශාලතම අර්බුදය වන්නේ විදුලි අර්බුදයයි. විදුලි අර්බුදය හේතුවෙන් මේ වනවිට ලංකාවේ ජනතාවට දිනකට පැය ගණනාවක් අදුරේ සිටීමට සිදුව ඇති අතර මෙම තත්වය මගහරවා ගැනීම සදහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසදුම් ද අවශ්‍යව තිබේ. කෙටිකාලීන විසදුම් ගොන්නේ ඉදිරියෙන්ම ඇත්තේ ඉන්ධන හිගය හේතුවෙන් නිෂ්පාදනය නවතා ඇති තාප විදුලි බලාගාර යළි ක්‍රියාත්මක කිරීමයි. ඊට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ය‍ටතේ ද තෙල් ලබා ගැනීමට හැකියාව දැන් උදාවී තිබේ.

කෙසේවෙතත්, එය කෙටිකාලීන විසදුමක් පමණක් වන අතර ඉදිරියේ තවදුරටත් ඉහළ යන බලශක්ති ඉල්ලුම හමුවේ අවශ්‍යව ඇත්තේ අඛණ්ඩ සහ දැරිය හැකි මිලක් සහිත බලශක්ති සැපයුමකි. එමෙන්ම වර්තමාන ලෝකය කාබන් ඉන්ධන දහනයෙන් සිදුකෙරෙන බලශක්ති නිෂ්පාදනය වෙනුවට පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දෙසට මාරැවෙමින් පවතී.මෙම පසුබිම තුළ ලංකාවේ ද මේ වන විට ගල්අගුරැ සහ ඩීසල් බලාගාර වෙනුවට සුලං බලාගාර සහ සූර්ය බලය මගින් විදුලිය නිපදවීම කෙරෙහි වැ‍ඩි අවධානයක් යොමු කර ඇති අතර ඒ සදහා ආයෝජන සැපයීමේ ප්‍රමුඛයා වී ඇත්තේ ද ඉන්දියාවයි.

ඉන්දියාවේ ජාතික බලශක්ති ආයතනය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව ස්ථාපිත කරන ලද නව සමාගමක් යටතේ ත්‍රිකුණාමලය සාම්පූර්හි සූර්ය ශක්තියෙන් විදුලිය ස්ථාපිත කිරී‍මේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරන ලද අතර එය ලබන වසරේ අගභාගය වන විට ජාතික විදුලිබල පද්ධතියට සිය දායකත්වය ලබාදීමට අපේක්ෂිතය නව ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 500 කට ආසන්න වන අතර මෙමගින් මෙගාවොට් 500 ක පමණ විදුලි බලයක් නිෂ්පාදනය කිරීමට නියමිතය.

එමෙන්ම පසුගියදා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර, මන්නාරමේ සහ පුනරීන්හි තවත් සුලං බලාගාර ව්‍යපෘති දෙකක් පිහිටුවීමට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබිණ. මෙහි සමස්ත ආයෝජනයද ඩොලර් මිලියන 500 ඉක්මවන අතර අපේක්ෂිත විදුලිබල නිෂ්පාදනය ද මෙගොවොට් 500 ක් පමණ වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම සියලු ව්‍යාපෘති විදේශ ආයෝජන පමණක් වන අතර ණය ගනුදෙනුවක් මෙහිදී සිදුනොවීමයි.

අද වන විට ලංකාවේ ජනතාව මුහුණ දී සිටින තවත් විශාල අර්බුදයක් වන්නේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගවීම වන අතර ඊට ද බලපා ඇත්තේ ඩොලර් නොහොත් විදේශ විනිමය හිගයයි. මේ සදහා තාවකාලික විසදුමක් ලෙස ඉන්දියාව විසින් ඩොලර් බිලියන එකක පමණ ණයක් සපයනු ලැබ ඇති අතර ඒ යටතේ ඉන්දීය රාජ්‍ය බැංකුව විසින් සපයන ණය පහසුකම් යටතේ එම ද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

මේ මොහොතේ දී මෙම ණය පහසුකම සැලකිය යුතු වන්නේ කිරි ඉල්ලා හඩන දරැවෙකුට කිරිදීමක් ලෙස වන අතර එය නොලැබුණේ නම් ලංකාවේ ජනතාවට ඉදිරි මාස කිහිපයේ දී පිටි, සීනී, සහල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යව ලබා ගැනීමත් සිහිනයක් වන්නට තිබිණ.

මෙම ඉන්දියානු ණය සහ ආයෝජනවල ඇති විශේෂත්වය වන්නේ මේ කිසිවක් කිසිදු දේශපාලඥයෙකු පිම්බීමට හෝ ඔවුන්ට කොමිස් ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදී සෘජුව ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ඒවා ලෙස ක්‍රියාත්මක වීමයි. මේ අවස්ථාවේ දී මෙම ණය සහ ආයෝජන නොලැබුණේ නම් තත්වය ජනතාවගේ ජීවන තත්වය තවත් දුෂ්කර වන බවට විවාදයක් නොමැත.

සත්‍යය එසේ වුවත් තවමත් ඇතැමුන් ඉන්දියාවෙන් ලංකාවේ ජනතාව වෙත ලැබුණු මෙම සහන හරහා බිල්ලන් මැවීමට උත්සහ ගන්නා අතර ඔවුන් චීනය හෝ වෙනත් රටවලින් අධික පොලියට ලබාගත් ණය සහ ණය හිලව්වට දේපළ විකිණීම් හෝ බදුදීම් පිළිබද වචනයක් හෝ නොකීමද ගැටලු සහගතය. මෙම සියල්ල දෙස මැදිහත්ව බලන විට පෙනීයන්නේ ඇතැමුන් විවිධ දේශපාලන න්‍යාය පත්‍රවලට මුවාවී ඉන්දියාව බිල්ලෙක් බවට පත් කර ඇතත් මේ දුෂ්කර අවස්ථාවේ අපේ සැබෑ ගැලවුම්කරුවා වී ඇත්තේ එකී බිල්ලා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32