ගාල්ල දිස්ත්‍රික්කයට මී උණ අවදානමක්

ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවත් මෙම වසරේ ගත වූ මාස තුන හමාර තුළ පමණක් මී උණ මරණ 15ක් සිදුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි පවසනවා.

2023 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පමණක් මී උණ රෝගින් 127 දෙනෙකු වාර්තා වී ඇති අතර, මෙම කාලය තුළ සිදුව ඇති මී උණ මරණ සංඛ්‍යාව 15ක්.

මෙම මරණ අතර අවුරුදු දහතුනක පාසල් සිසුවියක් ද සිටින බවයි වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි සඳහන් කළේ .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,

“සාමාන්‍යයෙන් කලින් මෙම රෝගය වැළඳුනේ දිනපතා කුඹුරු වැඩ කරන අයටයි. නමුත් දැන් එම අය දැනුවත් නිසා කුඹුරට බැසිමට පෙර ප්‍රතිකාර ගන්නවා. පසුගිය කාලයේ වාරතා වූ රෝගීන් අතර ඉඳහිට කුඹුරට බැහැපු අය වෙනත් කෙනෙකුගේ උදව්වට කුඹුරට බැහැපු අය සරුංගල් අරින්න කුඹුරට බැහැපු ළමයින් කුඹුරු හරහා වෙනත් වැඩවලට ගිය අය සිටිනවා. ඒ වගේම මඩ සහ ජලය ආශ්‍රිත ඉඩම්වල වගා කරන අ‍යත් කීර කොටු වගාකර ගෙන යන අයත් ඉන්නවා.”

කරන්දෙණිය, බද්දේගම, ඉමදුව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල යන යන කොට්ඨාසවල මේ වනවිට දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25