ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට සම්බන්ධ බාලවයස්කරු ළමා නිවාසයට – සෙසු හත්දෙනා සිපිරිගෙට

ග්‍රෑන්ඩ්පාස් ජබෝස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල දී ඉකුත් 15 දා තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනකු මෙම මස 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (17) නියෝග කළා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින 16 හැවිරිදි බාලවයස්කාර සැකකරුවා මාකොළ ළමා නිවාසයේ රඳවා තබන ලෙසට ද අධිකරණයෙන් නියම වුණා.

කුලේන්ද්‍රන් දුලුෂන්, නවකුමාරන් සුදුරෂන්, රොෂාන් අභිෂේක්, මොහොමඩ් ශක්ති, මොහොමඩ් සමීර්, මොහොමඩ් ජිෆ්රන්, ශාන්ත කුමාර් සහ සුභාෂ් මදුශංක ඇතුළු සැකකරුවන් 8 දෙනකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 16 – 44 අතර වයස්වල පසුවන බවත් වයස අවුරුදු 16ක බාලවයස්කාර දරුවෙකු සිටින බව ද ඔවුන් කොළඹ නවලෝකපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

මෙම සැකකරුවන් සතුව තිබී අපරාධයට යොදාගත් බවට සැක කරන මන්නා පිහි දෙකක් හා ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගත් බවත් ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය සිදු කරන බව ද විමර්ශන නිලධාරී වූ තවදුරටත් කරුණු දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46