ගසක් කපන්න ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට

හල්දුම්මුල්ල, සීලතැන්න ප්‍රදේශයේ අවදානම්ව පැවති ගසක් කපා ඉවත් කිරීමට යාමේ දී අධිබලැති විදුලි රැහනක විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (30) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සීලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම පුද්ගලයා යාන්ත්‍රික කියතකින් ගසක් කපමින් සිටිය දී එම ගසේ අත්තක් අසළින් ඇද තිබූ අධිබලැති විදුලි රැහනක පැටලී මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවයි හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේ.

විදුලි සැර වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිරුර මරණ පරීක්ෂණය සඳහා හල්දුම්මුල්ල රෝහල වෙත යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22