spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගව පොර පිටියේ ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටී කොලොම්බියාවේ දරුණු අනතුරක් (වීඩියෝ)

ගව පොර තරගයක් අතර තුර ප්‍රේක්ෂකාගාරය කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 70කට ආසන්න පිරිසක් ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොලොම්බියාවේ පැවති ගව පොර තරගයක් අතර තුර ඊයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවෙකු ද සිටින අතර තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

දැවයෙන් සකසන ලද තෙමහල් ප්‍රේක්ෂකාගාරයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි
ධාරිතාව ඉක්මවා ප්‍රේක්ෂකයින් රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කරුණු වාර්තා කළේ.

අනතුරෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් තමන් සිය කණගාටුව පළකරන බව කොලොම්බියා ජනාධිපතිවරයා ට්විටර් සටහනක් මඟින් දන්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?