ගලෙන්බිඳුණුවැව හොර දොස්තර මාට්ටු

ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාජ වෛද්‍යවරයා ඔහුගේ නිවසේදී ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවන අයෙක්.

පොලීසිය, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මෙමක් පුද්ගලයා ලියාපදිංචි වෛද්‍ය සහතිකයක් නොමැතිව වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදී ඇති බවයි.

මොහුගේ නිවසේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී නිවස තුළ නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඖෂධ තොගයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ ඖෂධ තොගය, ඖෂධ පරීක්ෂක නිලධාරීන් විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මැයි 19 වනදා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16