ගම්පොළ තරුණිය ඝාතනය කළ පාපතරයා සියල්ල වමාරයි

තම සේවා ස්ථානය බලා යමින් සිටි වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 22 හැවිරිදි තරුණිය ඝාතනය කළ සැකකාර තරුණයා වට්ස්ඇප් පණිවිඩයක් මගින් තමන් කළ මිනීමැරුම පිළිබඳව

මෙම පාපොච්චාරණය තම හිතවතුන්ට ඔහු වට්ස්ඇප් මගින් යවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකාර 24 හැවිරිදි තරුණයා ප්‍රදේශයේ ගවයන් හා එළුවන් බලා ගැනීම රැකියාව වශයෙන් සිදු කරමින් සිටි අයෙක්.

ඔහු කළ පාපොච්චාරණයේ මෙලෙස සඳහන්…

මගේ නම අහමඩ්. මට වයස අවුරුදු 24 යි. මම පාසල් යන කාලයේ හොඳින් ඉගෙන ගත්තත් නොයෙක් ප්‍රශ්න නිසා ඉහළට ඉගෙන ගන්න බැරි වුණා. ඉන් පසුව තමයි මම නරක මිතුරු ඇසුරට වැටුණේ. මේ මිතුරු ආශ්‍රයෙන් මම ගංජා, මත් ගුලි ඇතුළු මත් ද්‍රව්‍යවලට ඉතාමත් බරපතළ ආකාරයෙන් ඇබ්බැහි වුණා. මට දිනපතා මත්ද්‍රව්‍ය භාවිතා නොකර ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. අපේ ගමේම මත්ද්‍රව්‍ය විකුණන අය ඉන්නවා. ඒ අයගෙන් තමයි මම මේවා ගන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයේ අවසානය තමයි මම මිනීමරුවෙක් වුණු එක. මේ සිද්ධිය වුණ දවසේ උදේම මම මත් ගුලි දෙකක් කාලා තණකොළ කපන්න තමයි පාර දිගේ ආවේ. මම මත් ගතියෙන් මෙහෙම ටික දුරක් යනකොට තමයි ඔය කෙල්ල දැක්කේ. මම මීට කලින් එයා දැකලා තියෙනවා. මේ කෙල්ල දැක්කම මට හිතුනා දවල්ට මත්ද්‍රව්‍ය ගන්න මේ කෙල්ලගෙන් සල්ලි ඉල්ල ගන්න ඕනේ කියලා. එහෙම ගිහින් පාරේ පාළු තැනක් වන සොහොන් පිට්ටනිය ළඟදි මම ඒ ගෑණු ළමයගෙන් සල්ලි ඉල්ලුවා. එතකොට ඒ කෙල්ල මට බැන්නා. අපි අතරේ බහින් බස්වීමක් වුණා. එතකොට එයා මට ගහන්න අත ඉස්සුවා. මමත් ඒ කෙල්ලට ගැහුවා. එතකොට ඒ කෙල්ල හයියෙන් කෑ ගැහුවා. මම එයාගේ කට තද කරලා වැහුවා. එතකොට එයා මගේ මුහුණ, ඇඟ පහුරු ගෑවා. එතකොට තමයි මම එයාගේ බෙල්ල මිරිකුවේ.

ඊට පස්සේ කෙල්ලගේ බෙල්ල කඩාගෙන වැටුණා. මම බයවෙලා ඒ කෙල්ල ටිකක් ඈතට ඇදගෙන ගිහින් පොඩි වළක් කපල වළ දැම්මා. ඊට උඩින් තණ කොළ රොඩු දාලා වැහුවා. මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වෙලා මගේ ඔලුව විකාර වෙලා තිබුණේ. වෙන දෙයක් ගැන හිතුණේ නෑ. මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් හොයා ගැනීම විතරයි ඔළුවේ තියෙන්නේ. මම දැන් මිනී මරුවෙක්. මේ ඝාතනයෙන් පස්සේ මගේ ජීවිතයත් විනාස වුණා. මට ආයෙ ලෝකෙට මුහුණ දෙන්න බෑ. මට දැන් නිදහසක් නෑ කියලා මම දන්නවා. මම පොලිසියට භාර වෙන්න තීරණය කළා. මම අවසානයට හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසි කෙනෙක් විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. එහෙම කරොත් තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මට මේ විනාශ සිදු වුණේ. අර ගැහැණු ළමයාගේ ජීවිතෙත් නැති වුනේ.

සතියකට ආසන්න කාලයක සිට අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩ ගනු ලැබුවේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී යි. එලෙස ගොඩගත් සිරුර ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගනු ලැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු විසින් ලබාදුන් එම තොරතුරුවලට අනුවයි තරුණිය වළ දමා ඇති ස්ථානය හඳුනාගෙන ඇයගේ දේහය ගොඩ ගැනීමට මෙලෙස කටයුතු කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00