ගනේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණය කිරීමට නියෝග – මව දේහය භාරගැනීමට සූදානමින්

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ මෘත ශරීරය භාර ගැනීමට ඔහුගේ මව පැමිණ තිබෙනවා.

ඒ අනුව අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් කඩිනමින් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙසටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විනිසුරු තනූජා ලක්මාලි මහත්මිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට දැනුම්දී ඇත්තේ.

එම නියෝග ප්‍රකාරව අදාළ මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිට (20) කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ දී සිදු කෙරෙමින් පවතින බවත් වාර්තා වනවා.

මේ අතර අපරාධ කල්ලි සාමාජිකයෙකු වු “ගනේමුල්ලේ සංජීව” නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු හා ඔහුව වෑන් රථයකින් රැගෙන යාමට සහාය දැක්වූ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ පැය 72 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය වෙත අද දැනුම්දුන්නා.

සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව එසේ රඳවා තබා ගැනීමට කටයුතු යොදා ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් ෆැක්ස් වර්තාවක් ගොනු කරමින් අධිකරණය හමුවේ පැවසුවේ.

වෙඩි තැබීම සිදුකළ බවට හඳුනාගෙන ඇති මහරගම ප්‍රදේශයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කදනාරච්චි (27) හා සැකකරුව වෑන් රථයකින් පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට සහාය ලබා දුන් රියදුරු වන මිල්ලනිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහේෂ් සම්පත් ප්‍රියදර්ශන (44) යන දෙදෙනා මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ තුවක්කු ආඥා පනත යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇති විමර්ශන නිලධාරීව අධිකරණයට දැන් වූ කරුණුවලින් හෙළිවුණා.

මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාට අමතරව ප්‍රධාන සැකකාර පුද්ගලයාට අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා සහාය ලබා දුන් බව කියන කාන්තාව ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් විමර්ශන ආරම්භ කළ ඇති බව ද එම කොට්ඨාසය අධිකරණය හමුවේ පැවසුවා.

වෙඩි තබීමට යොදාගත් ගිනිි අවිය ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පැවසූ විමර්ශන නිලධාරීන් අධිකරණ හමුවේ කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්වරයාගේ අවසරය ලබාගෙන සැකකාර පුද්ගලයා දින 90 ක් රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එම කොට්ඨාසයේ 51237 සැරයෙන් බණ්ඩාර හා 11509 පොලිස් කොස්තාපල් චතුරංග යනු නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස් භාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනාව දෙදෙනා අධිකරණයේ අවසරයකින් තොරව කිසිදු ස්ථානයක රැගෙන නොයන ලෙසට සහ නීතිඥවරු දෙදෙනෙකුට එම සැකකරුවන් හමුවීමට අවස්ථාව ලබාදෙන ඉල්ලා සිටියා.

නීතිඥවරුන්ගේ ඉල්ලීමට ඉඩ දුන් මහේස්ත්වරිය අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයේ අවසරයකින් තොරව කිසිදු ස්ථානයකට රැගෙන නොයන ලෙස සහ සැකකරුවන් හමුවීම සඳහා නීතිඥවරු දෙදෙනකුට අවස්ථාව ලබා දෙන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35