ගණිත පංතියට ගෙවීමට මුදල් නැති නිසා සිසුවියක් දිවිතොරකර ගනී

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් සියදිවි හානි කරගෙන තිබෙනවා

බදුල්ල, පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයීෂා පරවීන් නැමැති සිසුවියක් මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙනවා

උපකාරක පංතියට ගෙවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් ඇය මෙලෙස තම ජිවිතය තොරකරගෙන තිබෙන බව පොලිසිය පැවසුවා

ඇයගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයිෂාට, තම පවුලේ ආර්ථික පසුබිම හමුවේ ඉගෙනීමේ කටයුතු පවා නිසියාකාරව කර ගැනීමට හැකිවී නැහැ.

පසුගිය දිනක ගණිත විෂයය සඳහා උපකාරක පන්තියට යාමට අවශ්‍ය බව අයීෂා තම මවුපියන්ට දන්වා තිබෙන අතර
නමුත් දැඩි දුශ්කරතා හමුවේ ජීවත් වන නිසා මව ඇයට පවසා ඇත්තේ උපකාරක පන්ති යෑමට මුදල් දීමට නොහැකි බවයි.

ඒ හේතුවෙන් සිත්තැවුලට පත් ඇය තම ජිවිතයෙන් සමුගැනිමට තිරණය කර වැසිකිළිය තුළදී තම මිත්තනියට ලබාදෙන ඖෂධ වර්ගයක් පානය කර තිබේ.

ඥාතින් විසින් කඩිනමින් ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.කෙසේ වෙතත් ඇය ජිවිතයෙන් සමුගෙන තිබේ