කෝලි ගේ දියණිය දුෂණය කරන බවට තර්ජණය කළ පුද්ගලයා අත්අඩංගුවට

ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ජනප්‍රිය නිලි අනුෂ්කා ශර්මා ගේ මාස 09ක් වයසැති දියණිය දුෂණය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරනු ලැබූ පුද්ගලයාව මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහු ආහාර බෙදා හැරීමේ මෘදුකාංගයක සේවය කරනු ලබනවා. මේ වන විට හයිද්‍රාබාද් හි සිට මුමාබායි බලා රැගෙන විත් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

@criccrazygirl නම් වූ ට්විටර් ගිනුමා හරහා ඉකුත් ඔක්තෝම්බර් මස 31 වෙනිදා සටහනක් තබමින් කෝලි ගේ දියණිය දුෂණය කරන බවට තර්ජනාත්මක සටහනක් තබා තිබු අතර බොහෝ දෙනා පැවසුවේ එය පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක කරනු ලබනා ට්විටර් ගිණුමක් බවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලු තොරතුරු ගවේශකයින් පැවසුවේ එම ගිණුම ඉන්දියාවේ සිටක්‍රියාත්මක වෙන ට්විටර් ගිණුමක් බවයි.

පාකිස්ථානය සමග පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දීය වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් ෂාමිට එරෙහිව ඉන්දියාවේ සමාජ මාධ්‍ය විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඒ ඉන්දීය පිල නියෝජනය කරනු ලබන එකම මුස්ලිම් ජාතිකයා ඔහු බැවින්.

කෙසේ වුවත් මොහොමඩ් ෂාමි වෙනුවෙන් විරාට් කෝලි පෙනී සිටීමත් සමග ඔහුට ද එරට ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ප්‍රහාරයක් එල්ලවුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14