කෝලි ගේ දියණිය දුෂණය කරන බවට තර්ජණය කළ පුද්ගලයා අත්අඩංගුවට

ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ජනප්‍රිය නිලි අනුෂ්කා ශර්මා ගේ මාස 09ක් වයසැති දියණිය දුෂණය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරනු ලැබූ පුද්ගලයාව මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහු ආහාර බෙදා හැරීමේ මෘදුකාංගයක සේවය කරනු ලබනවා. මේ වන විට හයිද්‍රාබාද් හි සිට මුමාබායි බලා රැගෙන විත් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

@criccrazygirl නම් වූ ට්විටර් ගිනුමා හරහා ඉකුත් ඔක්තෝම්බර් මස 31 වෙනිදා සටහනක් තබමින් කෝලි ගේ දියණිය දුෂණය කරන බවට තර්ජනාත්මක සටහනක් තබා තිබු අතර බොහෝ දෙනා පැවසුවේ එය පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක කරනු ලබනා ට්විටර් ගිණුමක් බවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලු තොරතුරු ගවේශකයින් පැවසුවේ එම ගිණුම ඉන්දියාවේ සිටක්‍රියාත්මක වෙන ට්විටර් ගිණුමක් බවයි.

පාකිස්ථානය සමග පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දීය වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් ෂාමිට එරෙහිව ඉන්දියාවේ සමාජ මාධ්‍ය විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඒ ඉන්දීය පිල නියෝජනය කරනු ලබන එකම මුස්ලිම් ජාතිකයා ඔහු බැවින්.

කෙසේ වුවත් මොහොමඩ් ෂාමි වෙනුවෙන් විරාට් කෝලි පෙනී සිටීමත් සමග ඔහුට ද එරට ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ප්‍රහාරයක් එල්ලවුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?