spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 31 කට විකුණන්න ගිය අම්බර් සමඟ 4ක් අත්අඩංගුවට

ඉන්දීය රුපියල් කෝටි 31.67ක මුදලකට අලෙවි කිරීමට තල්මසුන්ගේ අම්බර් කිලෝ 18යි ග්‍රෑම් 100ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු තූත්තුකුඩි ප්‍රදේශයේදී ඉන්දියානු අදායම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවෙකුගෙන් ලබාගත් කියන අම්බර් තොගයක් එලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇති බවයි.

අධික වටිනාකමින් යුතු සුවඳ විලවුන් හා ඖෂධ සකස් කිරීමට තල්මසුන්ගේ වමනය ලෙස සැලකෙන අම්බර් යොදා ගනු ලබනවා.

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි හා කේරළ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස තූත්තුකුඩි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට වසර දෙකකට පමණ පෙර ද ඉන්දීය රුපියල් කෝටි 54ක වටිනාකමින් යුතු අම්බර් තොගයක් දකුණු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?