කෝටියක අල්ලස් ගත් බව කියූ සභාපතිගෙන් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා විසින් අල්ලස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම, එහි සභාපතිනී ඊවා වනසුන්දර ඇතුළු කොමසාරිස්වරු සහ එහි නිලධාරීන් පිරිසකුයි නම් කර ඇත්තේ.

නැව් තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරයකට අදාළ බලපත්‍රයක් අලුත් කිරීමට අදාළ අයදුම්පතක් තමා හමුවට පැමිණි බවත් තාක්ෂණික හේතුන් 6ක් මත තමා එය ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු ප්‍රකාශ කරනවා.

පසුව අදාළ බලපත්‍රය අලුත් කරන ලෙස දේශපාලකයින් ඇතුළු පාර්ශව කිහිපයකින් තමන්ට බලපෑම් එල්ල වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

පසුව අදාළ බලපත්‍ර නිකුත් නිකුත් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේශ සහගත ලෙස අත් අඩංගුවට ගත් බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40