කෝටියකට අධික මුදලක් වංචා කළ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බවට පවසමින් සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් අදාළ සැකකරු සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන තිබේ.ඒ අනුව අදාළ සැකකරු මුදල් වංචා කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩ කිරීම්වලට අදාළව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසයි. හිඹුටාන, අංගොඩ ප්‍රදේශයයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර වයස 30 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කොළඹ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?