කොළඹ සරසවි සිසුන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය අධ්‍යයන කටයුතුවලට බාධා සිදුවීම තුලින් තම මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දී තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු විසිනුයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

එම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ය සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසටයි.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකරුවන්ට සති 7ක කාලයක් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන වසරේ මැයි මස 07 වනදා සිදු කරන බවත් දැනුම් දෙනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය මාර්තු මස 17 වනදා කොළඹ විශ්වවිද්‍යාලයට පිටතින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් පැවති බවයි.

එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර කොළඹ විශ්වවිද්‍යාලය වෙතද එල්ල කළේ යැයි චෝදනා කරන පෙත්සම්කරුවන් මෙම විරෝධතාවට කොළඹ විශ්වවිද්‍යාලයේ සම්බන්ධයක් නොතිබූ බවත් සඳහන් කර තිබෙනවා.

එසේ තිබියදී පොලිසය විසින් එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් ප්‍රහාර වලින් කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සහ නීති පීඨයෙන් අධ්‍යයන කටයුතුවලට බාධාවක් සිදු වූ බවත් ඔවුන් සඳහන් කරනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබෙනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14