spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – බදුල්ල මාර්ගයේ කොටසක් යළිත් නාය යයි

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නායයෑම් යළිත් සක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් විවෘත කර තිබූ මාර්ගය නායයෑම් හේතුවෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

අද සවස මෙලෙස නායයෑම් ආරම්භ වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හල්දුම්මුල්ල – බත්ගොඩ 179 kmවල දී පෙරේදා රාත්‍රියේ දී නායයෑම් ආරම්භ වූ බවයි.

ඊයේ සවස 4 ට පමණ මාර්ගයේ එක් තීරුවක් වාහන සඳහා විවෘත කෙරුණා.

නමුත් අද දවස පුරා තිබූ වර්ෂාව හේතුවෙන් නැවතත් නායයෑම් සක්‍රීය වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සිදු නොකරන ලෙසටත්, ඊට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?