කොළඹ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොරෝනා

කොළඹ – මට්ටක්කුලිය රොද්‍රිගූ පෙදෙසේ දේවස්ථානයක පියතුමන්ලා 9 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට කොළඹ කොටුව, පිටකොටුව  ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීම සැළකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පෙන්වා දෙන්නේ.

බස්නාහිර පළාතෙන් පිටත රෝගීන් වාර්තාවීම කැපී පෙනෙන ලෙස මේ වනවිට ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

බදුල්ල – පස්සර ජාතික පාසලේ තවත් සිසු සිසුවියන් හතරදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පාසලෙන් වාර්තා වන ආසාදිත ළමයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික නිදහස් දින පෙළපාලියේ ගමන් කිරීම සඳහා තෝරාගත් එම පාසලේ ශිෂ්‍ය භටයින් තුන්දෙනෙකුට පසුගිය 15 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබුණා.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව මෙම ආසාදිත සිසු සිසුවියන් හඳුනාගෙන ඇති බව සඳහන්.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ නිදහස් දින පෙළපාලිය සඳහා ශිෂ්‍ය භටයින් සහභාගි කරවීම තුළින් අවදානම් තත්වයක් මතුවිය හැකි බවයි.

එමෙන්ම හැටන් – කුඩාගම ප්‍රදේශයේ පාසලක ඊයේ සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලැබූ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ අතර අම්බලන්ගොඩ – බටපොළ ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකගේ පියා කොරෝනා ආසාදිත බවට හදුනා ගැනීමත් සමඟ අදාළ පාසලේ ගුරුවරුවන්, සිසුන් ඇතුළු ආශ්‍රිතයන්ගේ පවුල් 20ක සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12