කොවිඩ් වසංගතයෙන් පසු IMF සහනය නොලැබුණු හේතුව ගැන අධිකරණයේදී අනාවරණයක්

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ රජයේ මුදල් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කළා.

ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි විගස රුපියල් බිලියන 600ක පමණ බදු කපා හැරීම තුළින් රාජ්‍ය ආදායමෙන් සියයට 35ක් පමණ අහිමි වූ බවයි.

මෙලෙස කපා දැමූ බදුවලින් සහන ලැබුණේ බහු ජාතික සමාගම්වලට බවත් සුවිශාල සමාගම්වල ලාභ මේ හේතුවෙන් කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ ගිය බවත් ඔහු සඳහන් කළා.

මෙම බදු සහනය තුළින් සාමාන්‍ය ජනතාවට කිසිදු යහපතක් නොවූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ රජයේ විගණකාධිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ ද මේ බව සඳහන් කර ඇති බවයි.

මෙම බදු කපා හැරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බවත් ඔහු පැවසුවා.

කොවිඩ් වසංගතයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රටවල් 90කට පමණ සහන සලසාදීමට කටයුතු කළත් එම සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නොහැකි වූයේ වගඋත්තරකරුවන්ගේ අත්තනෝමතික සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා බවටයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ.

මෙම මූල්‍ය තීරණ ගැනීමේ දී හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ද මැදිහත් වී ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියාසිටියේ ජනාධිපති ලේකම්වරයාට රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා මැදිහත් වීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවයි.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරු පිරිසක් විසින් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ රජයේ මුදල් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14