කොටස් එකලස් කර සකස් කළ ජීප් රථයක් හමුවෙයි

නීතිවිරෝධී අයුරින් කොටස් එකලස් කර සකස් කරන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් හලාවත මැරවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

චැසි හා එන්ජින් අංක නීති විරෝධී අයුරින් ඇතුළත් කල සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායය ලැබුණු තොරතුරක් අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ දී එය පරිහරණය කළ පුද්ගලයා සතුව වහනයට අදාළ කිසිදු ලේඛනයක් නොතිබූ බව ද සඳහන්.

ඔහුගෙන් ඒ පිළිබඳ විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6කට පමණ ඉහත දී මිළ දී ගත් බවයි.

ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ ද ඇති ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් ඒ පිළිබඳ ජීප් රථය අලෙවි කළ පුද්ගලයාට පැවසීමෙන් අනතුරුව එය සකස් කර දෙන බවට පොරොන්දු වී ඔහු සියලු ලිපි ලේඛන ලබා ගත් බවට අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයා ජීප් රථය මිලදී ගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරු වාහන ජාවාරම්කරුවකු බවත් ඔහු වංචනික ක්‍රියා රැසකට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන්.

ජිප් රථය මේ වනවිට හලාවත පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48