කෙහෙල්බද්දර වෙඩි තැබීමක්

ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, මියගොස් ඇත්තේ ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අදාල තරුණයා කොණ්ඩා කපන ස්ථානයක රැඳී සිටිය දී තුවක්කුකරුවෙකු පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය දින කිහිපය තුළම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුණා.