කෙසෙල්වත්තේ දිනුක නමැත්තාට සිරමැදිරියේ සිට ඇමතූ චණ්ඩි කතගෙන් ජේලර්වරියකට මරණ තර්ජන

”දින හතක් ඇතුළත උඹව මරා දමනවා- උඹේ පවුලේ අයත් මරා දමනවා” යනුවෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම කාන්තා අංශයේ රඳවා සිටි සැකකාර කාන්තාවක් මරණීය තර්ජනය එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11) බොරැල්ල පොලිසියට නියෝග කළා.

එමෙන්ම බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව පිටස්තර පුද්ගලයන් සමග දුරකථනය සංවාද පවත්වා තිබේ ද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවන ලෙසට ද පොලිසියට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට මුහුණ දුන් ජේලර්වරිය බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකාර කාන්තාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර ජංගම දුරකථන භාවිතා කිරීම, සෙසු සිරකාරියන් සමග අසභ්‍ය ආකාරයෙන් හැසිරීම ඇතුළු චෝදනා කිහිපයක් සැලකිල්ලට ගෙන ඇයව කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කර ඇති බවයි.

එසේ මාරු කරන ලද ඇයව නැවත වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත මාරුකර එවන ලෙසට කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට ලද ලිපියකට අනුව පසුගිය දිනක ඇයව නැවත වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත මාරු කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

දූෂණ චෝදනා මත කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කර යවන ලද එම සැකකාර කාන්තාව නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේ කෙසේද යන්න පිළිබඳව එහි ප්‍රධාන ජේලර්වරියට සැකයක් මතුව තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම් කටයුතුවල නිරත වෙමින් සිටින අවස්ථාවේ දී අදාළ සැකකාර කාන්තාව එම කාන්තා අංශයේ වැසිකිළියක් තුළට ගොස් කෙසෙල්වත්තේ දිනුක නමැති පුද්ගලයකු සමග දුරකථනයෙන් සංවාද පවත්වමින් සිට ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

එම සිද්ධිය දුටු පැමිණිලිකාර ජේලර්වරිය අදාළ සැකකාර කාන්තාව වැසිකිළියෙන් එළියට ඇද ප්‍රශ්න කරන අතරතුර දී ඇය පොළොවේ දිගා වී සිය දෑතට වැලි ගෙන ජේලර්වරිය දෙසට දමා ගසමින් පරුෂ වචනයෙන් බැණ වැදී ජේලර්වරිය හා ඇගේ පවුලේ අයවලුන් දින හතක් ඇතුළත මරා දමන බවට තර්ජනය කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

අනතුරුව අදාළ ජේලර්වරිය සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ල කර ඇති බව ද පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

බන්ධනාගාරගත ව සිටින සැකකාර කාන්තාව ජංගම දුරකථනයෙන් සංවාද පැවැත්වූ බව කියන පුද්ගලයන් කවුද යන්න පිළිබඳ හඳුනාගැනීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය කරන ලද ඉල්ලීමකට අධිකරණයෙන් අවසර හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20