spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙනෙකු දෛවයෙන් සරදම් ලබද්දී තව කෙනෙකු දෛවය සරදමට ගන්නවා

ජීවිතේ සමහර සිදුවීම් දිහා දැක්කම පුදුමාකාර අමුත්තක් දැනෙනවා.
අපේ රටේ සිද්ධවෙන සිදුවීම් හිතාගන්නත් අමාරුයි.
ඇතැම් අයට නීතිය ක්‍රියාත්මක වෙන හැටි වගේම බලපුළුවන්කාරයන්ට නීතිය ක්‍රියාත්මක වෙන හැටි දෙකක් කියන එක අද සමාජයේ තියෙන මතයක්.

කොහොම වුණත් ඔබට මතක ඇති බඩගින්නට අඹ ගෙඩියක් කඩපු කෙනෙකුට දඩුවම් හිමිවුණා.
ඒ විදිහට අද සිරගෙවල් ඇතුලේ බඩගින්නට කෑමක් හොරකම් කරපු, තමන්ගේ දරුවට කන්න දෙන්න හොරකම් කරපු අය ඕනෑ තරම් ඉන්නවා.

හැබැයි මහා පරිමාණ වංචා කරපු මිනිස්සු, දූෂණ කරපු මිනිස්සු මේ සමාජය ඇතුලේ බලපුළුවන්කාරකම් නිසා එළියේ ඉන්නවද..?
සමහරු කොන්ත්‍රාත්වලින් කෝටි ගණන් ගසා කනවා..
කොහොම වුණත් ජනාධිපතිතුමාගේ එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාවට නංවයි කියලා රටේ ජනතාව තවමත් බලාගෙන ඉන්නවා.

මේ අතර අද 2016 වසරේ බැදුම්කර නඩුවේ චෝදනා 22 කින් 11 ක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබුණා..

ඉතිරි නඩු 11 සඳහාත් එවැනිම සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන බවයි අපට වාර්තා වුණේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?