කුසල් මෙන්ඩිස්ට පානදුර අධිකරණයෙන් දැඩි අවවාද

අපරික්ෂාකාරි අන්දමින් මෝටර් රථයක් පදවා රිය අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස 29  වනදා තෙක් කල් තබන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කර තිබෙනවා.

සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක ඇප බැදුම්කරයකට යටත්ව  තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින ලෙසටයි නියෝග කළේ.

අනතුර සිදුවී වසරකට ආසන්න කාලයක් සැකකරුගේ රියදුරු බලපත්‍රය අධිකරණය භාරයේ ඇති බැව්න් සහ, ජාතික ප්‍රවාහන අධිකාරියේ වෛද්‍ය සභා වාර්තාව අධිකරණයට ලැබී ඇති බැවින් සැකකරුගේ රියදුරු බලපත්‍රය මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  කපිල වෛද්‍යරත්න කළ ඉල්ලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබෙනවා.

“මේ රටේ මිලියන විස්සක් පමණ ජනතාව ජීවත් වෙනවා. ඔය අවස්ථාව ලැබෙන්නේ එකොළොස් දෙනෙකුට පමණයි. ඒ එකොළොස් දෙනා අතරට එන්නට විශාල පිරිසක් උත්සාහ දරනවා. මොනවා කලත් හෘදසාක්ෂියට බොරු කරන්න බැහැ. මින් ඉදිරියේ දී පරිස්සමෙන් රිය පැදවිය යුතුයි. අනිත් අයගේ කීර්ති නාමයටද කැළලක් නොවන අයුරින් පරිස්සමෙන් සාවධානව කටයුතු කරන ලෙස නියෝග කරනවා.”

බීමත්ව සිටි බවට කරුණු අනාවරණය නොවන බැවින් රුපියල් 50,000ක ඇපයකට යටත්ව තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

සැකකරුගේ රියදුරු බලපත්‍රයේ පිටපතක් සහ රක්ෂණ සහතික පිටපතක් නඩු වාර්තාවට ගොනුකරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

උප පොලිස් පරීක්ෂක පාලිත කන්නන්ගර අධිකරණය හමුවේ කියා සිටියේ මරණයට පත් පුද්ගලයාගේ බිරිඳ වෙත නිවසක් ඉදිකර දෙන බවට සැකකරු පොරොන්දු වී තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට තමන් සහභාගී සහභාගි නොවූ බවත්, යුක්තියේ සාධාරණත්වය අනුව ඒ පිළිබඳ කටයුතු කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සදහා අවශ්‍ය වන්නේ නම්, වසර දෙකක් ගතවීමට ප්‍රථම දිසා අධිකරණයේ නඩුවක් පවරන ලෙසත්, නොමිළයේ නීති ආධාර ලබගැනීමට අවශ්‍ය නම් මෙම අධිකරණ පරිශ්‍රයේම ඇති නීති ආධාර කොමිසම වෙත දැනුම් දී නොමිලේ නීති ආධාර ලබා ගැනීමට ලබාගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට උපදෙස් දෙනු ලැබුවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55