spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩුවලට ඇබ්බැහි වු නරුම අයියා

මුළු දවස පුරාම පවරා තිබුණු රාජකාරිය නිමා කොට සවස් භාගයේ හෙම්බත්ව  ආපසු පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී දරුවකු උස්සලා පොළොවේ ගැසීමට සූදානම් වූ අයකු හෙරොයින් මිලි ග්‍රෑම් 60 බැගින් අසුරා තිබූ පැකට් තුනක්, මත් පෙති පහක් සමඟ අත්අඩංගුවට ගත්බව කෑගල්ල සහකාර පොලිස් අධිකාරි II  චමින්ද ධර්මරත්න මහතා ඊයේ (25දා) පැවැසීය.

මෙම අගනා ක්‍රියාව සිදුකර ඇත්තේ රඹුක්කන පොලිසියේ පොලිස් පරීක්ෂක අසෝක බණ්ඩාර හා කාන්තා පොලිස් සැරයන් පුෂ්පා (1936), මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල් දිලීපා (9158) යන නිලධාරීන් තිදෙනා විසින්ය.

රඹුක්කන පොලිස් වසමට අයත් වහව ඉන්ජිනේරු කාර්යාලයේ ඉඩම ඉකුත් 23දා රජයේ මිනින්‍ෙදා්රුවන් යොදවා මැනීම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණි. මෙහි ආරක්ෂාව සඳහා රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක අසෝක බණ්ඩාර හා කාන්තා පොලිස් සැරයන් පුෂ්පා (1936) යන නිලධාරීන් දෙදෙනා ආරක්ෂාව සම්බන්ධයෙන් පෙරවරු 8.00 සිට යොදවා තිබිණි.  

සවස 4.30ට රාජකාරි කටයුතු නිමා කොට ආපසු රඹුක්කන පොලිසිය වෙත පැමිණීමට සූදානම්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් පොලිස් පරීක්ෂකවරයාට නාඳුනන පුද්ගලයකුගෙන් රඹුක්කන  කිරිවලල්ලාපිටිය හන්දියේ නිවෙසක තරුණයෙක් දරුවකු උස්සා පොළොවේ ගැසීමට සූදානමක් ඇති බවට තොරතුරක් ලැබී තිබිණි. වහාම රඹුක්කන පොලිසිය බලා ගමන් කර නිවස බලා යෑමට සන්ධ්‍යාවේ පැමිණෙමින් සිටි පොලිස් පරීක්ෂකවරයා හා කාන්තා පොලිස් සැරයන්වරිය අදාළ ස්ථානයට ක්ෂණික දිව ගොස් තිබිණි.

එම අවස්ථාවේ ගම්වාසීන් පිරිසක් බලා ගෙන සිටින මොහොතේ යම් පුද්ගලයෙක් දරුවකු උස්සා පොළොවේ ගැසීමට සූදානමක් පොලිස් පරීක්ෂකවරයා හා නිලධාරිනිය දැක තිබිණි. කිසිවකුවත් අසලට නොගිය අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා හා නිලධාරිනිය මැදට පැන දරුවා බේරා ගැනීමට උත්සාහ දරන අවස්ථාවේදී මාවනැල්ල පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල් දිලීපා (9158) නිලධාරිනිය ද රාජකාරි කටයුතු නිමා කොට නිවෙස බලා ගමන් කරමින් සිටින අවස්ථාවේදී ඇයද මැදිහත් වී උස්සා පොළොවේ ගැසීමට සූදානමක් සිටි දරුවා බේරා ගෙන තිබිණි.

පසුව එම ස්ථානයට ගිය කෑගල්ල සහකාර පොලිස් අධිකාරි II  චමින්ද ධර්මරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිස මහත් පරිශ්‍රමයක් යොදා තරුණයා අත්අඩංගුවට ගත්තේය. තරුණයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර තිබුණේ තමන් රඹුක්කන උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් බාල සහෝදරියගේ නිවෙසට පැමිණ මත්ද්‍රව්‍ය  පානය කිරීමට ඇගෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී නොදීම හේතුවෙන් ඇගේ දරුවා උස්සලා පොළොවේ ගැසීමට සූදානම් වූ බවත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. පසුව තරුණයා පරීක්ෂා කිරීමේදී හෙරොයින් මිලි ග්‍රෑම් 60 බැගින් අසුරන ලද පැකට් තුනක් හිස් ගිනි පෙට්ටියක දමා කලිසම් සාක්කුවේ තිබියදී සොයා ගත් බවත් ඊට අමතරව මත් පෙති පහක් සොයා ගත් බවත් පොලිසිය කියයි. සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරු තදින්ම මත්ද්‍රව්‍ය පානය කර සිටි බවත් පොලිසිය කියයි.

පසුව සැකකරු රඹුක්කන පොලිසිය වෙත රැගෙන ආ අවස්ථාවේදී සැකකරුගේ මව පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත්තේ සිය දරුවා පුනරුත්ථාපනය කර දෙන ලෙසත්ය.

සැකකරු පසුව පෙරේදා (24දා) කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 04දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

සහකාර පොලිස් අධිකාරි II  චමින්ද ධර්මරත්න මහතා කියා සිටියේ රාජකාරියකට මුළු දවසම යොදවා සිට සන්ධ්‍යාවේ නිවෙස බලා යෑමට පැමිණෙමින් සිටි පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුර ඉවත දමා යන්නට තිබූ බවත් එලෙස නොකර රාජකාරියෙන් බැහැරව මත්ද්‍රව්‍ය පානය කර සිටි පුද්ගලයෙක් දරුවකු උස්සලා පොළොවේ ගැසීමට ගිය අවස්ථාවේදී ගම්වැසියෙක්වත් ඉදිරිපත් නොවූ අවස්ථාවක කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් එක්ව කළ සේවය පැසසුමට ලක් කළ යුතු බවද පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?