කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

රටේ ජනගහණයෙන් 2%ක් පමණක් වන ව්‍යවසායකයන් ප්‍රමාණය ඉදිරි වසර පහ තුළ 10%ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

එසේම සාමාන්‍ය පෙළ සමත්ව ‍ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස රැකියාවෙහි නිරතව සිටින තරුණයන් හට දෙවැනි පෙළ රැකියා අවස්ථා උදාකරදීම සඳහා ඔවුන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ‍මෙසේද පැවසීය.

මේ රටේ සිටින ව්‍යවසායකයන් ‍නඟාසිටුවීමේ භාරදූර වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මා හට ලබා දුන්නා. අපේ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් ද ආරක්ෂා කර ගනිමින් ව්‍යවසායකයන් බිහි කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

අප රටේ විශ්වවිද්‍යාලවලින් තරුණ තරුණියන් වාර්ෂිකව විශාල පිරිසක් උපාධිය හදාරා එළියට එනවා. නමුත් ඔවුන්ව ව්‍යවසායකයන් බවට පත් කිරීමේ අවස්ථාව ඉතා අඩු මට්ටමකයි පවතින්නේ.
ඔවුන්ගෙන් බහුතරයක් ව්‍යවසායකයන් බවට පත් කිරීමට අවස්ථාව ලැබුණොත් එය රටට විශාල ශක්තියක් වෙනවා. මේ නිසා රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඔවුන්ගේ ද දායකත්වය ලබාගත යුතුයි.

තිරසාර සංවර්ධනය සමඟ පරිසර හිතකාමී භාණ්ඩවලට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම ලෝකය පුරා පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි නැඹුරුවක් ද දක්නට ලැබෙනවා.
බංග්ලාදේශය මේ වන විටත් ප්ලාස්ටික් භාණ්ඩ තහනම් රටක් බවට පත්ව සිටිනවා. මෙවැනි තත්ත්වයක් තුළ ලෝකය සමඟ ගනුදෙනු කිරීමේදී ප්ලාස්ටික් ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුව තිබෙනවා. ඒ වගේම එම නිෂ්පාදනයන්ට සමගාමීව අපනයනය අභිමුඛ කරගත් භාණ්ඩ ද නිෂ්පාදනය කළ යුතුයි.

ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුමට සාපේක්ෂව එවැනි නිෂ්පාදන සිදුකළ කළහොත් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙනවා. මෙම අමාත්‍යාංශය යටතේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව, ලක්සල වැනි ආයතන තිබෙනවා. මේ හරහා නවීන ලෝකයට ගැළපෙන, රටට ගැළපෙන නව නිර්මාණ බිහි කිරීමේ හැකියාව තිබෙනවා.

අපේ රටට ආවේණික මෝස්තර නිෂ්පාදනය කරන ගම්මාන තිබෙනවා. ඔවුන්ට නිසි පුහුණුව හා තාක්ෂණය ලබාදීම මඟින්ඔවුන්ව නව ව්‍යවසායකයන් බවට පත් කිරීමට අවස්ථාව තිබෙනවා. එම ඉලක්කය සපුරා ගැනීමට රජයක් ලෙස කටයුතු කිරීම අපේ අපේක්ෂාවයි.

එක භාණ්ඩයක් නිෂ්පාදනය කළ පමණින් ලෝකය ජය ගන්න බැහැ. තරගකාරී ලෝකය හමුවේ අලුත් නිෂ්පාදන බිහි කළ යුතුයි. අපි යැපෙන, යැදුම් මානසිකත්වයෙන් මිදී ස්වශක්තියෙන් නැඟී සිටින ජාතියක් බවට පරිවර්තනය විය යුතුයි.

අප නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. ඒ නිෂ්පාදන ආර්ථිකය කරා ගමන් කිරීමේ මඟපෙන්වීම අපේ අමාත්‍යාංශය හරහා සිදු වෙමින් තිබෙනවා. ඒ තුළින් අප බලාපොරොත්තු වෙන්නෙත් රජයේ දැක්මට අනුව කටයුතු කිරීමයි.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැනීමට නම් අප රටේ පවතින ඇතැම් අණපනත් වෙනස් විය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ඇතැම් ශාඛ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් විසින් ගැසට් කර තිබෙන නීති වෙනස් කළ යුතුයි. නව ව්‍යවසාකයන් බිහි කිරීමේදී ඔවුන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කිසිදු බාධාවකින් තොරව ලබා දිය යුතුයි.

එසේම මේ රටේ තරුණයන් විශාල පිරිසක් ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස රැකියාවල නිරතව සිටිනවා. ඔවුන්ව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට දෙවැනි රැකියා අවස්ථා බිහි කළ යුතුයි. මේ සඳහා ජල නළ අලුත්වැඩියාව, විදුලි කාර්මික පුහුණුව වැනි වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි.

ඒ වගේම ඔවුන්ටත් ණය පහසුකම් ලබාදී ව්‍යවසාකයන් බවට පරිවර්තනය කළ යුතුයි. ව්‍යවසාකයන් සිටින්නේ ජනගහණයෙන් 2%ක් පමණයි. එම සංඛ්‍යාව ඉදිරි වසර පහ ඇතුළත 10%ක් දක්වා වර්ධනය කළ යුතුව තිබෙනවා.

එසේ වුවහොත් රජය බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක කරා යෑමට ඔවුන්ගේ සහාය ද ලබාගත හැකි වෙනවා. අප රටේ බුද්ධිමත් මානව සම්පතක් සිටිනවා. ජාතික නිෂ්පාදනය වැඩිකර, ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන්ගේ දායකත්වය ද ලබාගත යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
09:41
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06