spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිවියන්ට ලකුණු 246ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 246ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගය මේ වනවිට පැවැත්වෙන්නේ චෙන්නායි හිදීයි.

කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 245ක් රැස් කළා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 66ක් රැස්කළ අතර නායක ශකීබ් අල් හසන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 40ක්.මහමුදුල්ලා රියාද් ලකුණු 41යි.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් බංග්ලාදේශ ඉනිමේ කඩුලු 03ක්, ට්‍රෙන්ට් බෝල්ට් සහ මැට් හෙන්රි කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

නවසීලන්ත පිළිතුරු ඉනිම තවත් සුලු වෙලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?